මිලි මීටර් 9 පිස්තෝලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැපරියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසනවා.
ගම්පොළ – වැලිගල්ල ප්රදේශයේ සිට සැකකරු සිය බිරිද සමග නුවරඑළිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසිය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් ජීප් රථය නතර කර පරික්ෂා කරන අවස්ථාවේ ජීප් රථය තුළ මිලි මීටර් 9 පිස්තොලයක් තිබෙන බවට දැක සැකකරුගෙන් පිස්තෝලය භාවිතා කිරිම සදහා බලපත්රයක් තිබේද යන්න පිලිබදව කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමග ජීප් රථයෙන් නුවරඑළිය දෙසට පලා ගොස් තිබෙනවා.
සිද්ධිය පිලිබදව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිමෙන් අනතුරුව වහා ක්රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස වටවල රොසැල්ල ප්රදේශයේ රාජකාරියේ නිරතව සිටි වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ට දැනුම් දීමෙන් පසු එම නිළධාරින් රොසැල්ල ප්රදේශයෙන් වෑන් රථයක් හරස් කර ජීප් රථය නතර කර සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණා.
සැකකරු ධාවනය කළ ජීප් රථය පරික්ෂා කිරිමේදි ජීප් රථය තුල සැකකරුගේ නිවසේ හුරතලයට ඇති කළේ යැයි කියන මුගටි පැටවකුද සිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
