Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

1 year ago

බණ්ඩාරගම වෑවිට වැවට ඒ.බී.සී. ගල් යොදා අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

වැවෙහි මීටර් 8 ක් පමණ පළලින් සහ මීටර් 20ක් පමණ දිගින් යුත් කොටසක් ඒ.බී.සී. ගල් යොදා ගොඩ කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

එම ගොඩ කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී බන්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.