අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් සහ 50,000ක මුදල් ඇපයක් මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එමෙන්ම සැකකරුට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ද නියම කෙරුණා.
සිද්ධියට අදාළව සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබුණා.
ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ දින70ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම සහ විමර්ශන කටයුතු අවසන් අදියරේ පසුවන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස ඇප නියම කළා.
