Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යතුරු පැදි දෙකක් ගැටී ගුරුවරියක ඇතුළු තිදෙනකුට බරපතළයි

1 year ago

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ගුරුවරියක ඇතුළු තිදෙනකුට බරපතළ තුවාල සිදු වී ඇතැයි දිඹුලපතන පොලිසිය පවසයි.

අද (14) දින උදෑසන 8.15ට පමණ අනතුර සිදු වී ඇති අතර තුවාලකරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව ද පොලිසිය කියයි.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ගුරුවරියක ඇතුළු තිදෙනකුට බරපතළ තුවාල සිදු වී ඇතැයි දිඹුලපතන පොලිසිය පවසයි.

තුවාලකරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව ද පොලිසිය කියයි.

යතුරු පැදි දෙකේම අධික වේගය අනතුරට හේතු වී ඇති බව අනතුර පිළිබද පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසියේ නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියි.