Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේගේ අභියාචනය විසිවෙයි

1 year ago

වැඩිමිලට ඖෂධ විකිණීමේ චෝදනා මත මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඔ මහාධිකරණය නිකුත් කළ නියෝගයකට එරෙහිව ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අශෝක් පතිරගේ ඇතුළු අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම අභියාචනාධිකරණය අද (10) ප්‍රතික්‍ෂෙප කළේය.

අභියාචනයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් වගඋත්තරකාර ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගනිමින් ආසිරි මෙඩිකල් රෝහලේ  අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම අභියාචනාධිකරණය ප්‍රතික්‍ෂෙප කළේය.

අදාළ අභියාචන පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අනිද්දා (12) දිනයේදී කැඳවීමට හැකියාව ලැබෙන අතර නාරාහේන්පිට ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්‍ෂවරුන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහෙන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්‍ෂෙප කිරීමට නියෝග කළේය.

ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්‍ෂවරුන් වන සභාපති අශොක් පතිරගේ, අධ්‍යක්‍ෂවරුන් වන කරුණාමුනි මංජුල ප්‍රසන්න, හරීස් කුමාර් කයිමාල්, විශාල් බාලී, අංකූර් නාත් තදානී, සුදර්ශන් අහංගම, හරිෂ් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා සහ අජිත් කරුණාරත්න මහත්වරු ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, නීතීපතිවරයා සහ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිතරුවකු වන සනත් කුමාර අතුකෝරල මහතා නම් කර තිබුණි.

(source – srilankamirror)