Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලංකාවට

12 months ago

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම සංචාරය ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් පියවරක් සනිටුහන් කරන බවයි.

මෙම සංචාරය ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛත්වය” (Neighbourhood First) දීමේ ප්‍රතිපත්තිය තහවුරු කරන බවද සඳහන්.

පුහුණු අවස්ථා, වෘත්තීය හුවමාරු, ඒකාබද්ධ අභ්‍යාස සහ මෙහෙයුම් භාවිතයන් පිළිබඳ සංවාද හරහා දෙරට හමුදා අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම ද අපේක්ෂා කෙරෙනවා.