ඊයේ (26) සහ අද (27) දිනයන්හි පමණක් වාර්තා වූ මරණ 37ක් සමඟ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇත.
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 21ක් අතුරුදන්ව ඇති බවත්, පවුල් 1,729ක පුද්ගලයින් 5,893ක් පීඩාවට පත්වී බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් මරණ 23ක් සිදුවී ඇති අතර, තවත් 5ක් අතුරුදන්ව ඇත. මහනුවර ගංගොඩ ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 20ක් ආසන්න පිරිසක් අතුරුදන්වී ඇති අතර, එක් නිවසක් නායයෑමට ලක්වී ඇත.
මේ වනවිට අතුරුදන්වූවන් තුන්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් මරණ 6ක් වාර්තා වී ඇත.
