එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
තුලා – ඵලදායී වසරක්
ගෘහ ජීවිතය – වික්‍රමස්ථානය බලවත්ව චතුර් ග්‍රහ යෝගයක් පිහිටා තිබීම ඔබගේ ආත්ම විශ්වාසය මෙන්ම අභිමානයෙන් ජීවත්වීම ද පෙන්නුම් කරයි. එළඹෙන වසරේ ඔබට බිය නැතිව ඕනෑම සුබ කටයුත්තකට අත තැබීමට හැකියාව ඇත. එය අතිශය සාර්ථක වනු ඇත. සැඟවුණු සහජ දක්ෂතා මතු කරන වසරකි.
රැකියාව – විපරීත යෝගයකින් සඳු බලවත්ව අටවැන්නේ සිටීම විදෙස්ගත රැකියා ඉල්ලුම් කර තිබෙන අයට සතුටුදායක පණිවිඩයක් දෙනු ඇත. මෙරටේ වුවද සංචාරක ක්ෂේත්රය, අධ්‍යාපනික සමාජ සේවා යන අංශවල රැකියා තුලා ලග්න හිමියනට සහන රැසක් ගෙන දෙයි.
අධ්‍යාපනය – අධ්‍යාපනය ගැන විමසීමේදී තුලා ලග්න හිමි ඔබගේ විද්‍යාස්ථානය වූ 5 වැන්නේ රාහුගේ ගෝචර වීම බාධා සහිත සහ අවධානය වෙනත් බාහිර දේට යොමු කිරීමත් පෙන්වයි. පොතපත කියවීම අඩුය. උත්සාහයෙන් යුතුව ප්‍රාථමික සහ සා.පෙළ ලියන දරුවන් වැඩ කළ යුතුය. සෙත් ශාන්තිවලට යොමුවීම වැදගත්ය.
සිකුරාදා දිනවල හැකි පමණ බෝධි පූජා තැබීමත් ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් නිවෙස ඉදිරියේ කරඳ පැළයක් සිටුවා එයට සත්කාර කිරීමත් අපල අවම කරයි.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)
