කොළඹ මහ නගර සභාවේ බලය හිමි ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයන් සියලු දෙනා පරාජයට පත් කරමින්, මුදල් කමිටුවේ සාමාජිකයන් පත් කර ගැනීමේ ඡන්දයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය සමත්ව තිබේ.
ඊයේ (14) පැවැති කොළඹ මහ නගර සභාවේ ස්ථාවර කාරක සභා පත් කර ගැනීමේ සැසිවාරයේදී මෙම තීරණාත්මක ඡන්ද විමසීම සිදු විය.
නගර සභාවේ වඩාත්ම වැදගත් කමිටුවක් ලෙස සැලකෙන මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත් කිරීමේදී විපක්ෂය ඉදිරිපත් කළ සියලුම අපේක්ෂකයන් තේරී පත්වූ අතර, ඔවුන් මෙසේය:
- අනුර සුජීව මහතා
- රෝයි බෝගහවත්ත මහතා
- තරංග ශානක මහතා
- දයාරත්න පෙරේරා මහතා
- එම්. අර්ෂාඩ් නිසාම්ඩීන් මහතා
මුදල් කමිටුවේ සභාපති ධුරය නිතරගයෙන්ම නගරාධිපතිනිය වෙත හිමි වූ අතර, සෙසු සාමාජික ධුර 05 ම ජය ගැනීමට විපක්ෂ මන්ත්‍රීවරුන් සමත් විය.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රිසා සරූක් මහතා ප්‍රකාශ කළේ, මුදල් කමිටුවේ විධායක බලය ආණ්ඩු පක්ෂය සතු වුවද, එහි ව්‍යවස්ථාදායක බලය දැන් විපක්ෂය සතු වී ඇති බවයි.
“අපි ජනතාවට හිතකර, නගරයට වැදගත් වන සෑම හොඳ යෝජනාවකටම සහාය දෙනවා. නමුත් ජනතාවට අහිතකර හෝ අත්තනෝමතික ලෙස ගනු ලබන ඕනෑම තීරණයකට විරුද්ධ වීමට දැන් අපට ශක්තිමත් බලයක් තිබෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ප්‍රතිඵලය කොළඹ මහ නගර සභාවේ ඉදිරි පාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
