චීවරධාරි රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව ඇති නඩුවක් සඳහා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන ප්‍රකාශ මගින් ආගමික සංහිඳියාවට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ඔහුට එරෙහිව මෙම නඩුව විභාග වෙමින් පවතිනවා.
