ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2026 ඔක්තෝබර් මාසයේ දී මෙරට උද්ධමනය 8.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2026 සැප්තැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය වාර්තා වී තිබුණේ 8.1% ක් ලෙසිනි.
මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙරට ආහාර උද්ධමනය 6.9% සිට 7.2%ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය 9.1% සිට 9.5%ක් දක්වා ත්, ඉහළ ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
