Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘අත්තිඩිය කූරා’ බඩෝවිට දී මාට්ටු

28 minutes ago

ගල්කිස්ස පොලිස් වසමේ නිවෙස් බිඳුම් හයක් සිදුකර රුපියල් ලක්ෂ 50කට අධික දේපළ සොරාගත් බවට සැකකෙරෙන ‘අත්තිඩිය කූරා’ නැමැති සැකකරු බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.

නිවැසියන් නිදා සිටියදී වසරක පමණ කාලයක් තුළ මෙම සොරකම් සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී සැකකරු විසින් රූපවාහිනී යන්ත්‍ර, කැසට් යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක සහ ගෑස් සිලින්ඩර් ඇතුළු භාණ්ඩ රැසක් සොරාගෙන ඇත.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුට ලද රහසිගත තොරතුරකට අනුව බඩෝවිට ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම නිවෙස් බිඳුම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ඇත.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, ඔහු සොරාගත් භාණ්ඩ අඩු මුදලට විකුණා තිබියදී ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

එම භාණ්ඩ විකුණා ලබාගත් මුදල් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොදවා ඇති බවද පොලීසිය සඳහන් කළේය.