Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු කොරියාවේ ට්‍රක් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මරුට‍

1 hour ago

දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේදී පසුගිය නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.10ට පමණ මෙම අනතුර සිදුව ඇත.

සේවය නිමවී නේවාසිකාගාරය වෙත පාගමනින් ගමන් කරමින් සිටි අවුරුදු 30ක පමණ වයසැති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටොන් 7.5ක බරැති ට්‍රක් රථයක පිටුපසින් පිටතට නෙරා තිබූ කොටසක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

හ්වාසොං සියෝබු පොලිස් ස්ථානය සඳහන් කළේ, වෘත්තීය නොසැලකිල්ල හේතුවෙන් මරණය සිදුකිරීමේ චෝදනා මත 50 හැවිරිදි ට්‍රක් රථ රියදුරාට එරෙහිව දකුණු කොරියාවේ රථවාහන අනතුරු පිළිබඳ විශේෂ නඩු පනත යටතේ නඩු පවරා ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබූ බව ද පොලීසිය තහවුරු කර ඇත.

අනතුරින් මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, ඩෑෂ්කැම් දර්ශන ඇතුළු සාක්ෂි විශ්ලේෂණය කරමින් කොරියානු පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.