Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

WWE සුපිරි මල්ලවපොර ක්‍රීඩක බ්‍රොන්සන් රීඩ් ජීවිතක්ෂයට

1 hour ago

ජර්මේන් හේලි යන සැබෑ නමින් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු ජාතික ජනප්‍රිය WWE මල්ලවපොර ක්‍රීඩක බ්‍රොන්සන් රීඩ් සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව WWE ආයතනය ඊයේ (27) නිවේදනය කළේය.

මියයන විට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.

පසුගිය නොවැම්බර් 07 වැනිදා සෞදි අරාබියේ රියාද් නුවර පැවති WWE Crown Jewel තරගාවලිය අතරතුර ඔහු තුවාල ලබා තිබූ අතර, එහිදී ඔහුගේ ඉළ ඇට කිහිපයක් බිඳී වකුගඩුවකට ද හානි සිදුව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු සෞදි අරාබියේ රැඳී සිටියද, මරණයට හේතු වූ නිශ්චිත සෞඛ්‍ය සංකූලතා සම්බන්ධයෙන් WWE ආයතනය වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.

2019 සිට 2021 දක්වා WWE සමඟ කටයුතු කළ බ්‍රොන්සන් රීඩ් 2022 වසරේදී යළි එම පිටියට පිවිසියේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී 40 හැවිරිදි එංගලන්ත මල්ලවපොර ක්‍රීඩක බෙන්ජමින් සැටර්ලි ද ජීවිතක්ෂයට පත්වීමත් සමඟ, පසුගිය මාස කිහිපය තුළ ජීවිතක්ෂයට පත්වූ දෙවන මල්ලවපොර ක්‍රීඩකයා බ්‍රොන්සන් රීඩ් බව CNN පුවත් සේවය වාර්තා කරයි.