කුවේටය වෙත ඉරානය අද (26) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉතාලි ANSA ප්රවෘත්ති ඒජන්සිය විසින් තහවුරු කරන ලද තොරතුරුවලට අනුව, මෙලෙස මියගොස් ඇත්තේ කුවේටයේ ජර්මානු සමාගමක සේවයේ නිරතව සිටි කාර්මික ශිල්පීන් දෙදෙනෙකි.
අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, එම ප්‍රහාරයෙන් ඉතාලි ජාතිකයන් දෙදෙනා ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවය.
පසුව සිදුකළ විමර්ශනවලදී තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා කුවේට් සහ පාකිස්තාන ජාතිකයන් බව හඳුනාගෙන ඇත.
තම ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා කිහිපයක් හඳුනාගෙන ඒවා ව්‍යාර්ථ කිරීමට ආරක්ෂක හමුදා සමත්වූ බවද කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම ප්රහාරායත් සමග ආරක්ෂිත පියවරක් ලෙස කුවේට් ගුවන් සීමාව වසා දැමීමට පියවරගෙන ඇත. ඒ හේතුවෙන් යුරෝපයේ සිට ඉරාකය හරහා ගල්ෆ් කලාපයට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක ගමන් මාර්ග වෙනස් කිරීමට සිදුවූ බව වාර්තා වේ.
