Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

28 minutes ago

2026 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ බව දැනුම් දී ඇති අතර, ඒ අනුව අදාළ කාලසීමාව තුළ විෂ­යා­නු­බද්ධ දේශන, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම තහනම් වනවා.

2026 සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වීමට නියමිතයි.