Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

3 hours ago

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රධාන කරුණු සැකෙවින්:

  • ගොඩබිම කාලගුණය සහ මීදුම් තත්ත්වය: බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
  • මුහුදු ප්‍රදේශවල තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර 25-35 පමණ වේ. කෙසේ වෙතත්, හලාවත සිට මන්නාරම හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-45 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.