Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

election

පුංචි ඡන්දය කඩිනමින් පවත්වන්න මැතිවරණ කොමිසම රැස්වෙයි

2 years ago

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසම නියෝග කළා.

ඒ අනුව මැතිවරණ කොමිසම පැවසුවේ මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පිළිබද තීරණයක් ගන්නා බවයි.

මේ සම්බන්ධ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(27) පවත්වා තිබෙනවා.

එහිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳ සාකච්ඡා වී තිබේ.

මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර  ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීනිදුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා කොමිෂන් සභාව සුදානමින් සිටින බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.