Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි! වෙනස් වර්ණයකින් යුත් නව කාලසටහනක් ලබාදීමට විභාග දෙපාර්තුමේන්තුව සැරසෙයි!

2 years ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්
විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ(28) පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලි කිරීමක් සිදු කළා.

කල්දැමූ උසස්පෙළ විෂයන් නැවත පවත්වනු ලබන දින…

* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා

* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා

* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා

* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා

* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා

* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා

සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත්වෙන අතර එදිනට සුදු පැහැයෙන් තිබූ කාලසටහන වෙනුවට නව කාලසටහනක් වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුළු මාධ්‍යන්වලින් මේ පිළිබඳව උසස්පෙළ සිසුන් දැනුවත් කරන බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.