Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

2 years ago

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඊයේ (05) සහ අද ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්විණි. ඒ අනුව අද පැවති විවාදයෙන් අනතුරුව, අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.