එළඹෙන පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණෙන් සන්ධානගතව තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බවයි.
මේ වන විටත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පොදු ජන එක්සත් පෙරමුණෙන් පුටුව ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වී සභිකයින් පත් කරගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද (07) පැවැත්වුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළා.
