Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවරඑළිය ලංගම ඩිපෝ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙක් කොටුවෙයි

2 years ago

නුවරඑළිය ප්‍රදේශයේදී මුදල් කොල්ලකා පුද්ගලයෙක් ඝාතනය කළ සැකකරුවන් තුන්දෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

නුවරඑළිය ලංගම ඩිපෝවේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුණේ පෙරේදා දිනයේයි.

එම සැකකරුවන් රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් කොල්ලකා තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙදෙනෙකු එම ඩිපෝවේ මුදල් අයකැමියා සහ රියදුරා බවටයි හෙළිවී තිබෙන්නේ.