තනි පුද්ගල ව්‍යාපාර වල සහ නිදහස් ව්‍යාපාර වල (Freelance) නියැලී සිටින පුද්ගලයින්ට පුද්ගලික බදු අනුපාත යටතේ ඔවුන්ගේ ආදායම මත බදු අය කෙරෙනවා.
ඒ අනුව සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම හෝ තාවකාලික පදිංචිකරුවෙකුටම ආදායම් බදු රහිත සීමාව වසරකට රුපියල් මිලියන 1.2 ක්.
මෙයින් අදහස් කරන්නේ ඔබේ මුළු ආදායම වසරකට මෙම සීමාවට වඩා අඩු නම් ආදායම් බදු ගෙවීමට අවශ්‍ය නොවන බවයි.
නමුත් ඔබ ඊට වඩා වැඩි මුදලක් උපයන්නේ නම්, බදු ගෙවිය යුතුය වනවා.
එසේ ගෙවිය යුතු බදු ප්‍රතිශතයන් පහත පරිදි වේ.
මුල් රුපියල් 1,200,000 ට – 0% (බදු ගෙවිය යුතු නොවේ)
ඊළඟ රුපියල් 500,000 ට – 6%
ඊළඟ රුපියල් 500,000 ට – 12%
ඊළඟ රුපියල් 500,000 ට – 18%
ඊළඟ රුපියල් 500,000 ට – 24%
ඊළඟ රුපියල් 500,000 ට – 30%
ඉතිරි ආදායම් මුදල් සඳහා – 36%
