Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

4 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙම වසරේ ජුනි මස 04 වැනි දින එක්තරා ගුරු සංගමයක් මගින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පළ කළ අදහස් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත්‍ර කැඳවීමේ දී ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ මුළු අවශ්‍යතාව වන 19,000ක් පරීක්ෂකයන් සංඛ්‍යාවෙන් 12,000ක් පමණක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම පසුබිම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර උත්තර පත්‍ර ලකුණු කිරීමට දෙනු ලබන ගාස්තුවට අමතරව දිනකට ගෙවනු ලැබූ රුපියල් 500ක සංහෘත දීමනාව රුපියල් 2000ක් දක්වා වැඩි කිරීමටත් කිලෝමීටර් 81ට වැඩි දුරක සිට උත්තර පත්‍ර ඇගයීමට පැමිණෙන ගුරුවරුන් සඳහා එම සංහෘත දීමනාව රුපියල් 2900ක් දක්වා වැඩි කර දීමටත් අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අතිරේක ප්‍රතිපාදන ද ලබා ගත්තා.

සම්පූර්ණ නිවේදන පහතින්.