Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුවේ ආරක්ෂිත සේප්පුවක තිබූ මුදල් අතුරුදහන් වෙයි

4 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවක තිබුණු යම් මුදලක් අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග පවසනවා.

රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් මෙසේ අස්ථාන ගත වී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවේ නිලධාරින් කිහිප දෙනෙක් කොටුව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට ඊයේ (11) දහවල් පැමිණ ඇති අතර පසුව තවදුරටත් පරික්ෂා කර බලා එන බව පවසමින් ඔවුන් පොලිසියෙන් ආපසු ගොස් තිබෙන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළා.

මේවන වන විට බැංකුවේ ආරක්ෂක අංශ සහ කොටුව පොලිසිය එක්ව සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති මහ බැංකුවේ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.