මාළු මිලදී ගනිමින් සිටින අවස්ථාවේ දී ලොරි රථයකට යටවී තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ පෙම්වතා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කන්දමුලගෙ උදේනි නිමාෂා නම් 23 හැවිරිදි තරුණියකි.
එම තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය.
ඔවුන් පසුගිය 23 වනදා රාත්‍රී කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිලදී ගනිමින් සිට ඇත.
එහිදී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනවූ ලොරි රථයක් මොවුන්ගේ ගැටී අනතුර සිදුව ඇත.
අදාළ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
පසුව තරුණිය මියගොස් ඇති අතර තරුණයා බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

