පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.
මෙම වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම නව ප්‍රතිලාභය හිමිවිය යුතු බව ද අගමැතිවරයා එම යෝජනාවෙහි සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනට වසරකට රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමි වනවා.
වෛද්‍ය පහසුකම් සඳහා වර්තමානයේ අයකරන ගාස්තු සහ ඖෂධවල මිල ගණන් සලකා බලා දැනට පවතින රක්ෂණාවරණයේ සීමාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් එය මිලියනයක් දක්වා වැඩි කළ යුතු බවයි. අගමැතිවරයා පවසන්නේ.

