Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

24 හැවිරිදි එක්දරු මව අවුරුද්දක් වයසැති සිඟිත්තිය සමඟ අතුරුදහන්! සැකපිට මස්සිනා අත්අඩංගුවට!

3 years ago

අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන ඇති අතර, කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි.

අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පෙරේදා (18) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.

ඒ අනුව, විමර්ශන ඇරඹූ පොලිස් සොකෝ නිලධාරින් අද දහවල් එම නිවස පරීක්ෂා කර ඇති බව වාර්තා වෙයි.

එහිදී නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් පොලිසියට නිරීක්ෂණය වී ඇත.

අතුරුදන් වූ වාසනාගේ සැමියා පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බවය.

මේ බව ඔහු පොලිසියට සැල කර ඇති අතර, පොලිසිය මේ වනවිට එම පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ.

ඔහු හිටපු හමුදා සෙබළෙකු වන බව වාර්තා වෙයි.