Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මෛත්‍රීට හිමි වූ නව තනතුර

3 years ago

කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර, 2023 ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වුනු විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපති, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා වෙත සාමය සඳහා වන ජාත්‍යන්තර  සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිණමන ලදි.

ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුලුවෙන් පසු ජාත්‍යන්තර  සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශය ට පත් කෙරුනු අතර එහි ප්‍රධාන අරමුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය හඳුනා ගැණිනි. 

ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය  නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්රිුයාකාරීන්, ජනමාධ්යේවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරති.

විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේ ලා සැලකෙන සංවිධානයකි.

එහි මූලස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්‍යන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර  පිහිටා ඇත.

මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා වෙත ජාත්‍යන්තර  සාම සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනැමුනු අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , ඇතුළු විශේෂ නියෝජිතවරුන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.