හැටන් සිට ලිඳුල දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්රපාතයකට පෙරළී ගොස් තිබේ.
හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ ලිඳුල වොල්ට්රම්වත්ත අසල දී ඊයේ (25) පස්වරු 05ට පමණ මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.
වෑන් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අනතුරින් බරපතළ තුවාල ලබා ලිඳුල ප්රාදේශිය රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්රථිකාර සඳහා නුවරඑළිය දිස්ත්රික් මහරෝහල වෙත යොමු කර තිබේ.
වෑන් රථය හැටන්, දික්ඔය නගරයේ ගරාජයකින් අලුත්වැඩියා කර ආපසු ලිඳුල දක්වා ධාවනය කර ඇති බව වාර්තා වෙයි.
නමුත් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවට පොලීසිය සැක පළකරයි.

