Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීටර් 500ක් පයින් ගිය පාසල් සිසුවා ඇඳ වැටී මිය යයි

3 years ago

12 හැවිරිදි පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොබවක, ගොවින්න ලිපිනයේ පදිංචි මෙම දරුවා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය සිසුවාගේ නිවසේ සිට පාසැල් යාමට බස් නැවතුම්පොළට පැමිණීමට කිලෝමීටරයක පමණ දුරක් පයින් ගමන් කළ යුතු බවයි පැවසෙන්නේ.

අද උදෑසන පාසැල් යාමට නිවසේ සිට පාගමනින් ගොස් ඇති අතර මාර්ගයේ මිටර් 500 ක් පමණ ගමන් කරන විටදි ක්ලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටි තිබෙනවා.

කඩිනමින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇති බවටයි හොරණ රෝහල් පොලිසිය පවසන්නේ.

දරුවා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොරණ දිස්ත්‍රික් රෝහලේදී සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.