Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහල් 100ක් වැසී යාමේ අවදානමක

3 years ago

දිවයින පුරා වැසී තිබෙන සහ වැසීයාමට ආසන්න තත්ත්වයේ පවතින රෝහල් රෝගී සත්කාර සේවාවන් සදහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී අනාවරණ වූයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි.

එමෙන්ම රජයේ රෝහල් 100 කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවධානමට ලක්ව ඇති බවද එහිදී හෙළිවුණා.

ඒ අනුව අමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදුන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින්ද ඇතුළත්ව විශේෂ කමිටුවක් පත්කර අදාළ රෝහල් ක්‍රියාකාරි තත්ත්වයට ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.