වවුනියාව විද්‍යාලයක උසස් පෙළ හදාරන සිසුන් පිරිසක් ඊයේ (06) මහමග යන ජනතාවට පහර දීම නිසා 03 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
පාසලේ පැවති දෙමාපිය රැස්වීමක් අතරතුර මෙම සිදුවීම සිදුව තිබෙනවා.
පාසල් සිසුවෙකු රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු වාහනයක ගැටීම නිසා සිසුන් මෙලෙස මහමහ ගමන් ගත් වාහනවලට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම පහරදීම හේතුවෙන් වාහන කිහිපයකටද හානි සිදු වී ඇති බව වාර්තා වනවා.
වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

