රාගම ප්රදේශයේ මවක් පසුගිය ඔක්තෝම්බර් 17 වැනිදා අඩු මාසයෙන් සය නිවුන් දරුවන් බිහි කළ පුවතක් කාසල් රෝහලෙන් වාර්තා විය.
ඒ අතරින් එක් දරුවෙකු දින කිහිපයකින් මිය ගියේය.
ඉතුරු දරුවන් පස් දෙනාම තවමත් තවමත් ඉන්කියුබේටර් (Incubator) යන්ත්රයේ රදවා සිටින බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ කාසල් රෝහලේ ඉන්කියුබේටර්වල රඳවා තිබන මෙම දරුවන් 5 දෙනා තවත් මාස දෙකක පමණ කාලයක් එහි රඳවා තැබිමට සිදුවන බවයි.
එම නිසා අඩු මාසෙන් උපදින වෙනත් දරුවන්ට ඉන්කියුබේටර් ලබාදිමට නොහැකි වන තත්ත්වයක් තුළ එම දරුවන් ඉන්කියුබේටර් තිබෙන රෝහල්වෙත මාරුකර හැරීමට සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය ළදරුවන්ගේ ජිවිතවලට එතරම් සුබදායක තත්ත්වයක් නොවන බවද සඳහන්.

