වසර 108 කට පෙර සිදු කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් එවකට 27 වියැති එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මැතිතුමා 1915 වසරේ ජූලි මස 07 වන දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කර තිබුණා.
එමෙන්ම, මිය ගිය හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ දේහය, යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, හෙළි නොකළ පරිශ්රයක ආදාහනය කර තිබීමද විශේෂතවයක්.
එතුමාගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගෙන ඇති තිබෙනවා.
ඒ අනුව, එම ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අනාවරණය කර ගෙන අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත් කර තිබෙනවා.

