Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල යළිත් ඉහළට

3 years ago

බිත්තර මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

මීට සති කීපයකට පෙර බිත්තරයක මිල රුපියල් 40 සීමාවේ පැවති අතර , මේ දිනවල නැවත වරක් බිත්තරයක මිල රුපියල් 58 – 65 සීමාව දක්වා ඉහළ දමා තිබේ.

බේකරි හිමියන් කියා සිටින්නේ තමන් බිත්තරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 60ක තොග මිලකට බවය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ ශීතාගාරවල බිත්තර ගබඩා කරන ලද අතරමැදියන් කණ්ඩායමක් මෙලෙස බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවයි.

බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.