ශ්‍රී ලංකාවට හෙට (12) දිනයේ සිට Unified Payments Interface (UPI) ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සදහන් කරයි.
UPI යනු ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) විසින් සංවර්ධනය කරන ලද ක්ෂණික ගෙවීම් පද්ධතියක් වන අතර 2016 වර්ෂයේදී එම සංස්ථාව විසින් ගෙවීම් පද්ධතියක් ලෙස හඳුන්වා දී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පද්ධතිය කොළඹදී එළිදැක්වීමට නියමිත බවද අමාත්‍ය අලි සබ්රි සදහන් කරයි.
මෙම ගෙවීම් පද්ධතිය ජංගම දුරකථන මාර්ගයෙන්, අන්තර් බැංකු සහ පුද්ගල වෙළෙඳාම් ගනුදෙනු සඳහා පහසුකම සපයනු ලබන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට එමගින් හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මේ බව සදහන් කරයි.


