Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

WhatsApp පණිවිඩයක් නිසා පාකිස්තාන් තරුණයෙකුට මරණ දඬුවම නියම වෙයි

3 years ago

WhatsApp පණිවිඩ මගින් දෙවියන්ට අවමන් කිරීමේ චෝදනාව මත 22 හැවිරිදි තරුණයෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරනු ලැබ තිබේ.

අදාළ තීන්දුව ලබා දුන් එරට පන්ජාබ් පළාතේ අධිකරණය සඳහන් කර ඇත්තේ, ඔහු මුස්ලිම් ජාතිකයින්ගේ ආගමික හැඟීම්වලට හානි කිරීමේ අරමුණින් අපහාසාත්මක ඡායාරූප සහ වීඩියෝ බෙදාගෙන ඇති බව ය.

එම නඩුවේ ම කොටසක් ලෙස තවත් 17 හැවිරිදි තරුණයෙකුට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.