Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති හරීන්ගේ සිහිනය බොඳ වෙයි

3 years ago

තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ඉන්දියාවේදීම පවත්වා අවසන් කරන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂාහ් අද (17) නිළ වශයෙන් තහවුරු කළා.

ඉන්දීය මාධ්‍ය මින් පෙර වාර්තා කර තිබුණේ ඉන්දීය මහා මැතිවරණය හේතුවෙන් තරගාවලියේ තරගවලින් කොටසක් වෙනත් රටකට ගෙන යනු ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද එම තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවසර ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත විය.

ඒ වෙනුවෙන් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් හම්බන්තොට වෙනම අයි.පී.එල්. කලාපයක් සැකසීමට සූදානම් බවද ඔහු දන්වා තිබුණා.

නමුත් ජේ ෂාහ් අද සඳහන් කළේ තරගාවලියේ සියලුම තරග ඉන්දියාවේදී පවත්වන බවයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය එළබෙන 22 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය මහා මැතිවරණය අදියර හතක් යටතේ අප්‍රේල් මස 19 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.