Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ස්ථාන මරුවීම් ලද විදුහල්පතිනිය යළි එම පාසලේම සේවයේ පිහිට වූ ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය

3 years ago

අවිධිමත් ක්‍රියාකලාපය හේතුවෙන් නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන අනුලා සුරවීර මොරවාලියද්ද මහත්මිය සඳහා ලබා දී ඇති ස්ථාන මරුව අත්තනෝමතික ලෙස අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එම සංගමය පවසන්නේ, අදාළ විදුහල්පතිනිය සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් ස්ථාන මාරු ලිපියක් නිකුත් කර තිබියදී ආණ්ඩුකාරවරයාට මෙවැනි තීරණයක් ලබා දීමට හැකියාව නොමැති බවයි.

නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන අනුලා සුරවීර මොරවාලියද්ද මහත්මිය බප/ජය/ ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස ස්ථානමාරු කරන බව දන්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා 2023.03.24 දින ලිපියක් යොමු කර තිබෙනවා.

විදුහල්පතිනියගේ දැඩි ක්‍රියා කලාපයන් නිසා ආචාර්ය මණ්ඩලය පිල් බෙදී අසමගියෙන් කටයුතු කරන බවත් ඇයව කැඳවා අඩුපාඩු නිවැරදි කර ගන්නා ලෙස දන්වා සිටියත් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් පැමිණිලි ලැබුණු බවත් ආණ්ඩුකාරවරයා එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත්, මෙම විදුහල්පතිනියට එළඹෙන සිකුරාදා දිනයට පෙර ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස එම විදුහලේ ආචාර්ය මණ්ඩලය දැඩි ලෙස ඉල්ලා.(source – news19)