ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩු කර තිබෙනවා.
හාල් මැස්සන් සහ පාන් පිටි මිල මෙලෙස පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද දින එනම් 2024.04.10 සිට ලබා ගත හැකියි.
ඒ අනුව, හාල්මැස්සන් (1kg) ක මිල රුපියල් 125 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියක් 1200ක්.
එමෙන්ම පාන් පිටි මිල රුපියක් 07 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 185ක් ලෙසින්.

