ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් 05වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට අදාළව අද (21දා) පැවැති ක්‍රීඩක වෙන්දේසියෙන් ඒ ඒ කණ්ඩායම් අනුව ක්‍රීඩකයන් බෙඳීගිය අයුරු නිවේදනය කර තිබේ.
මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට මතීෂ පතිරණ අලෙවි වූ අතර, ඔහුව ඇ.ඩො. 120,000කට හෙවත් මෙරට මුදලින් තුන්කෝටි හැටලක්ෂයක පමණ මුදලකට කලම්බු ස්ට්‍රයිකසර් විසින් මිලදී ගනු ලැබීය.
එය එල්පීඑල් ඉතිහාසයට එක් වූයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙසයි.
මෙවර වෙන්දේසියට දේශීය ක්‍රීඩකයින් 154ක් සහ විදේශීය ක්‍රීඩකයින 266ක් ලෙසින් සමස්ත 420 දෙනෙකු ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් ඉන් අලෙවි වූයේ 114ක් පමණි.
ඊයේ පැවති වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට ඇෆ්ගනිස්තානයේ කරීම් ජනට් පත්විය. ඔහුව ඇ.ඩො. 80,000ක මුදලකට දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කළා.
වෙන්දේසියෙන් ක්‍රීඩකයන් ඒ ඒ කණ්ඩායම් වලට බෙඳීගිය අයුරු
ජැෆ්නා කිංග්ස්
කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, අස්මතුල්ලා ඔමර්සායි, නූර් අහ්මඩ් (වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූවන්)
රිලී රූසෝව්, ෆේබියන් ඇලන්, ධනංජය ද සිල්වා, ප්‍රමෝද් මදුෂාන්, ජේසන් බෙහරෙන්ඩ්‍රෆ්, අසිත ප්‍රනාන්දු, විෂාද් රන්දික, ළහිරු සමරකෝන්, එෂාන් මාලිංග, ඇලෙක්ස් රෝස්, අහන් වික්‍රමසිංහ, වනුජ සහන්, මුර්වින් අබිනාෂ්, අරුල් ප්‍රගාසම්, පැතුම් නිස්සංක, නිශාන් මදුශ්ක, තීෂන් විතූෂාන්, නිසල තාරක
කලම්බු ස්ට්‍රයිකර්ස්
චාමික කරුණාරත්න, තිසර පෙරේරා, සධීර සමරවික්‍රම, නිපුන් ධනංජය, ෂදාබ් ඛාන්, ග්ලෙන් පිලිප්ස් (වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූවන්)
චාමික ගුණසේකර, දුනිත් වෙල්ලාලගේ, රාමනුල්ලා ගුර්බාස්, ටස්කින් අහ්මඩ්, ඇන්ජලෝ පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකෙත්, මතීෂ පතිරණ, ෂෙහාන් ප්‍රනාන්දු, කෙවින් බණ්ඩාර, ඉසිත විජේසුන්දර, මුහමද් වසීම්, අලා ගසාන්ෆාර්
දඹුල්ල තන්ඩර්ස්
ඩිල්ෂාන් මදුශංක, නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුතසෆිසූර් රහ්මාන්, ඊබ්‍රහිම් සද්‍රාන් (වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූවන්)
ළහිරු උදාර, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, ඉෆ්තිකාර් අහ්මඩ්, නුවනිඳු ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රනේෂ් සිල්වා, සොහාන් ඩි ලිවේරා, හස්රාතුල්ලා සසායි, කරීම් ජනට්, අසේල ගුණරත්න, ළහිරු මදුශංක, රුසඳ ගමගේ, මිතුන් ජයවික්‍රම, අයන සිරිවර්ධන, සොනාල් දිනූෂ, හයිදර් අලී, සංතුෂ් ගුණතිලක
ගෝල් මාවල්ස්
භානුක රාජපක්ෂ, ලසිත් කෘෘස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහීීෂ් තීක්ෂණ, ටිම් සීෆර්ට්, ඇලෙක්ස් හේල්ස් (වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූවන්)
ජනිත් ලියනගේ, ඩ්වයින් ප්‍රිටෝරියස්, සහන් ආරච්චිගේ, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, ෂෝන් විලියම්ස්, සහීර් ඛාන්, මල්ෂ තරුපති, සදීෂ රාජපක්ෂ, මොහොමඩ් ශිරාස්, ඉසුරු උදාන, ධනංජය ලක්ෂාන්, පසිඳු සූරියබණ්ඩාර, කවිඳු නදීෂාන්, මුජීබ් උර් රාහ්මාන්, චමිඳු විජේසිංහ, ජෙෆ්රි වැන්ඩර්සි, යූරි කොත්තිගොඩ
බී – ලව් කැන්ඩි
වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, මොහොමඩ් හැරිස් (වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූවන්)
කසුන් රජිත, අෂේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, මොහොමඩ් හස්නේන්, පවන් රත්නායක, චමත් ගෝමස්, චතුරංග ද සිල්වා, කවිඳු පතිරත්න, ලක්ෂාන් සඳකැන්, සම්මු අශාන්, අසාම් ඛාන්, අඝා සල්මාන්, මොහොමඩ් අලී

