ලබන වසර වන විට රජයේ සියලු ක්ෂේත්‍රයන්හි පවතින වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
“අපි දැන් ආර්ථික වශයෙන් දෙපයින් සිට ගත්තා විතරයි. අපිට දැන් ඇවිදින්න තිබෙනවා. කෙසේ හෝ මෙම වසරේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළා. ඒ හා සමගාමීව පුද්ගලික අංශයේද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වසරේ දී තවත් සහන ලබාදීමට ආර්ථික ශක්තියත් නොතිබුණද ලබන වසරේදී රාජ්‍ය සේවකයන්ට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසදීමට කමිටුවක් පත් කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ අනුව කමිටුවට සුදුසු අය පත්කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය අසීරු ගමනක්. පසුගිය ආර්ථිකය අර්බුදයෙන් වැඩීම පීඩාවට ලක්වූයේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. අප සියලුදෙනා එකට මේ ගමන යා යුතුයි. විශේෂයෙන්ම අපි සේවක කේන්ද්‍රයක් ඇති කරමු. අලුත් වෘත්තීය සමිති, සේවක අයිතිවාසිකම් ලබා ගැනීම්, ක්‍රමවේද කුමක්ද කියා අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවෙන් වසරකට යම්කිසි මුදලක් ලබාදීමට කටයුතු කරනවා මේ පිළිබඳ අප තවදුරටත් සාකච්ඡා කරමු.”
දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තිය සමිති දිවියට වසර 60ක් පිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.

