Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යාපනය හින්දු විදුහලෙන් මෙවර සුපිරි ප්‍රතිඵල රැසක්

2 years ago

උසස් පෙළ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තුමේන්තුව විසින් ඊයේ (31දා) නිකුත් කළා.

මෙවරත් සුපිරි ප්‍රතිඵල රැසක් වාර්තා කිරීමට යාපනය හින්දු විදුහල සමත්ව තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 56 දෙනෙකුටම ත්‍රිත්ව A සාමාර්ථ හිමිව ඇත.

ඊට අමතරව A සාමාර්ථක දෙකක් සහිත සිසුන් 30 දෙනෙකුද, A සමාර්ථයක් හා B සාමාර්ථක දෙකක් ඇති සිසුන් 24 දෙනෙකුද සිටියි.

මින් සිසුන් වැඩිම සංඛ්‍යාවක් ත්‍රිත්ව A සාමාර්ථ හිමිකරගෙන සිටින්නේ ජීව විද්‍යා අංශයෙන් වන අතර එම අංශයෙන් ඉගෙනුම ලැබූ සිසුන් විසි හය දෙනෙකු ත්‍රිත්ව ඒ සාමාර්ථ ලබාගෙන ඇත.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසුන් 16 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් 07 දෙනෙකු ඒ අතර වෙයි.

එමෙන්ම භෞතික විද්‍යා අංශයේ ඉංග්‍රීසි මාධ්‍යයේ සිසුන් 07 දෙනෙකුටද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 19 දෙනෙකුට ත්‍රිත්ව A සාමාර්ථ හිමිව ඇත.

තවද වාණිජ අංශයේ දෙමළ මාධ්‍යයෙන් සිසුන් දෙදෙනෙකුට හා කළා අංශයෙන් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් 05 දෙනෙකුද ත්‍රිත්ව A සාමාර්ථ හිමිව තිබීමත් විශේෂත්වයක්.

සිසුන්ගේ දිස්ත්‍රික් මට්ටම හා දිවයිනේ මට්ටම සැලකීමේදීද ඔවුන්ගේ සැලකිය යුතු සංඛ්‍යාවක් දිස්ත්‍රික්යේ පළමු විසි දෙනා අතරටත්, දිවයිනේ පළමු සිය දෙනා අතරත් සිටියි.

විභාගයට පෙනී සිසුන් ප්‍රමාණය හා සැලකීමේදි සිසුන් බහුතරයක් විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි.