බද්දේගම පොලිස් වසමේ ඇටවරමුල්ල ප්‍රදේශයේ දී පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, දරුවෙක් දියේ ගිලී ඇති බවට බද්දේගම පොලීසියට ලද පණිවුඩයක් මත පොලිස් නිලධාරීන්, ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා භට පිරිස් එක්ව අනතුරට පත් දරුවා ගොඩට ගෙන බද්දේගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බවයි.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ ගනේගම බටහිර, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටිය දී ටියුබය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පසුව අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

