මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් නිළධාරීන්ගේ මාසික දීමනාව ඉහළ දමමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබේ.
ඒ අනුව පොලිස් සැරයන්වරයකුට ගෙවූ රුපියල් 1800ක මාසික දීමනාව රුපියල් 6000 දක්වාත්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ගෙවූ රුපියල් 2000 දීමනාව රුපියල් 7000 දක්වාත්, රථවාහන ස්ථානාධිපතිවරයකුට ගෙවූ දීමනාව රුපියල් 2500 සිට 7000 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.
එම නිලධාරීන්ගේ සේවය ඇගැයීම හා දිරිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම මෙහිදී පොලිස් ස්ථාන පළමු, දෙවන හා තෙවන කාණ්ඩ යටතේ වෙන්කර ගෙවන දීමනාවද ඒ අනුව වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.

