බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය සහන් පුතා බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මුහුද මැදදී මෙම ගැටුම හටගෙන තිබෙන අතර බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ, යාත්‍රාවේ සිටින අනෙක් පිරිස ද තුවාල ලබා ඇති බවය.
මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය බේරුවල ධීවර වරායේ සිට මුහුදු සැතපුම් 180ක් පමණ ඈත සිට අදාළ යාත්‍රාවෙන්ම බේරුවල ධීවර වරායට ගෙන එමින් තිබෙන බවද වාර්තා වෙයි.
ගැටුමෙන් මියගොස් ඇත්තේ මග්ගොන, මාගල්කන්ද, රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
බේරුවල රේගුව පාරේ පදිංචි යාත්‍රාවේ හිමිකරු විසින් කල පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වේ.


