Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් ජනපති අපේක්ෂකයෙක් කරළියට

2 years ago

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ඉදිරි ජනාධිපතිවරණයට අභිනව නිවහල් පෙරමුණෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අභිනව නිවහල් පෙරමුණ සඳහන් කළේ පසුගිය 13 වැනිදා පැවති සිය විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය.

ඔහු විසින් ගොනු කරන ලද නඩුව විභාගයෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සතු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොලබන බවයි.