Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙම්වතිය බිය කරන්න බොරුවට ගෙල වැලලා ගැනීමට ගිය 17 හැවිරිදි පෙම්වතා මරුට

2 years ago

සිය පෙම්වතිය බිය කිරීමට බෙල්ලේ ලණුවක් ගැට ගසාගෙන මිය යන බව කී වවුනියාව බෝගස්වැව පදිංචි 17 හැවිරිදි තරුණයෙකු ලණුවේ ගැටය සිරවීම හේතුවෙන් ඊයේ(30) මියගොස් තිබෙනවා.

ඔහු 15 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

දෙදෙනා අතර කිසියම් හේතුවක් මත බහින් බස් වීමෙන් පසුව තරුණිය බිය කිරීමට සිතා ඔහු ගෙළ වැළලාගෙන මිය යන බව ප්‍රකාශ කොට තිබෙන බව පැවසෙනවා.

ඔහු ගෙළ වැළලාගෙන මිය යන බව රඟ දැක්වීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ ගෙලෙහි බැදගෙන තිබූ ලණුවේ ගැටය සිරවීම නිසා ඔහු මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.(source – hiru)