Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොන්ක්‍රීට් බටයක් පිපිරී මොණරාගල රෝහලේ ළඳරු වාට්ටුවේ වහලයේ කොටසක් කඩා වැටෙයි (ඡායාරූප)

2 years ago

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරන අතරතුර සිදුවු අනතුරක් හේතුවෙන් ළදරුවන් හා මව්වරු වාට්ටුවකින් ඉවත්කර තිබෙනවා.

ගොඩනැගිල්ලට යන්ත්‍රයක් මඟින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබඳව පිහිටි ළදරු වාට්ටුවේ වහලය මතට මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී ගොස් වාට්ටුව තුළට කොන්ක්‍රීට් කඩා වැටී තිබෙන බව සඳහන්.

අද (30) පෙරවරු කාලයේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර හේතුවෙන් වාට්ටුවේ සිටි සියලුම ළදරුවන් සහ මව්වරුන් දැනට ඉවත් කර ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.